ඇෆ්ගනිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන් දෙවැනි වරටත් විවාහ වෙයි

(ඉෂාර ගයාෂාන්)
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන් දෙවැනි වරට විවාහ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔහුගේ දෙවැනි විවාහය මෙම වසරේ අගෝස්තු 2 වන දින සිදු වී ඇති බව රෂිඩ් ඛාන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක් හරහා නිකුත් කළ පණිවිඩයකින් සඳහන් කළේය.
රෂිඩ් ඛාන්ගේ පළමු විවාහය 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී කාබුල්හිදී සිදු වූ අතර, ඒ ඔහුගේ සහෝදරයන් තිදෙනෙකුගේ විවාහ මංගල්‍ය සමඟ සමගාමීවයි. වාර්තාවලට අනුව ඔහුගේ පළමු බිරිඳ වන්නේ ඔහුගේ මවගේ සහෝදරියකගේ දියණියයි.
මෑතකදී නෙදර්ලන්තයේ පැවති උත්සවයකදී සම්ප්‍රදායික ඇෆ්ගන් ඇඳුමෙන් සැරසුණු කාන්තාවක් සමඟ ඔහු සිටින ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ ඔහුගේ විවාහය පිළිබඳ කටකතා පැතිර ගියහ.
මෙම කටකතා සම්බන්ධයෙන් රෂිඩ් ඛාන් සමාජ මාධ්‍ය හරහා පැහැදිලි කරමින්, එම කාන්තාව තමාගේ බිරිඳ බවත්, ඔවුන් 2025 අගෝස්තු 2 වැනිදා විවාහ වුණු බව ප්‍රකාශ කළහ.
