අංක තහඩු නොමැති අධි බලැති යතුරුපැදි හතරක් අනුරාධපුරෙන් සොයා ගනී

(ගලෙන්බිදුණුවැව – චින්තක ක්රීෂාන්ත බාලසූරිය)
හඳුනා ගැනීමේ අංක තහඩු හා ලියාපදිංචිය තහවුරු කරගත නොහැකි අධිබලැති ධාරිතාවයෙන් යුත් යතුරුපැදි හතරක් සොයා ගැනීමට අනුරාධපුර පොලිසිය 13දා සමත්ව ඇත.
අනුරාධපුර ගුවන් තොටුපළ මාර්ගයේ වෙළඳසළක් පිටුපස සූක්ෂම ලෙස සඟවා තිබියදී යතුරුපදි අත්අඩංගුවට ගෙන ඇති අතර එහි හිමිකාරීත්වය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට අදාළ සැක සහිතව අදාළ වෙළෙඳපොළේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරුපැදි අධිකරණයට ඉදිරිපත් කර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සහ ශ්රී ලංකා රේගුවේ වාර්තාවක් කැඳවීමට නියමිත බව ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරනු ලබයි.
