අධිකරණය මග හැරි හල්ලොලුවට වරෙන්තු

අධිකරණය මග හැරි හල්ලොලුවට වරෙන්තු

(අකිලා නදීෂානි බණ්ඩාර)
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා 13දා වරෙන්තු නිකුත් කළේය.
නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටි.
මෙම නඩුව 13දා කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඒ අනුව මෙම වරෙන්තු නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

Share This