නවදිල්ලියේ ත්‍රස්ත ප්‍රහාර මාලාවක තොරතුරු හෙළිවෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ස්ථාන හයක් ඉලක්ක කර සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ (10දා) සිදුකළ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධ තොරතුරු අනාවරණ වී ඇත.
1992 වසරේ දී ඇතිවූ ආගමික කැරැල්ලක් අතරතුර අයෝධ්‍යා හි ඉදිකර තිබූ බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරය එළැඹෙන දෙසැම්බර් මස හයවැනි දිනට යෙදී ඇත.
ඊට සමගාමීව බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමට පළිගැනීමක් ලෙස නවදිල්ලි අගනුවර ස්ථාන හයකදී මෙම පිපිරීම් සිදුකිරීමේ සැලසුමක් තිබී ඇති බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමවලදී ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
මෙම සැලසුම් සකස්කර ඇත්තේ ‘ජයිෂ් ඊ මොහම්මද්‘ නම් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම බවද කියැවේ.
මේ අතර දිල්ලි නගරයේ සිදුවූ ප්‍රහාරය ජාතික විරෝධී බලවේගය දියත් කළ ‘ත්‍රස්ත ක්‍රියාකාරකමක්‘ බවට එරට කැබිනට් මණ්ඩලය (12දා) පළමුවරට නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ප්‍රහාරයෙන් ගතවූ දින තුනක කාලය තුළ ඉන්දීය පොලීසිය කාශ්මීරයේ සිදුකළ වැටලීම්වලින් 500කට ආසන්න පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද ‘වාර්තා වේ.
