ඇල්පිටිය සජබ මන්ත්‍රිවරයෙක් ඉල්ලා අස්වෙයි

ඇල්පිටිය සජබ මන්ත්‍රිවරයෙක් ඉල්ලා අස්වෙයි

(ඇල්පිටිය – චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරයකු වූ ලසන්ත ලේකම්වසම් සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් ප්‍රියන්ත ප්‍රකාශ කළේ ඒ මහතා පෞද්ගලික හේතුවක් මත 2025.10.26 දින සිට සිය මන්ත්‍රි ධ`රයෙන් ඉල්ලා අස්වන බව ලිඛිතව සභාවට දන්වා ඇති බවයි.
ලසන්ත ලේකම්වසම් මීට පෙරද ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ මන්ත්‍රිවරයකු වන අතර 2024 ඔක්තෝම්බර් 26 දා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඔහු පිටුවල කොට්ඨාසයෙන් ජන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරයා විය.
ලේකම්වසම් වෙනුවට නම් කරන මන්ත්‍රිවරයා ගැන දැනගැනීමට එම පක්ෂයේ ආසන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක සම්බන්ධකර ගැනීමට අප උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

Share This