තෙල් සංචිත වැඩි කරන්න ටැංකි ඉදිකිරීම අරඹයි

-විනීතා එම්. ගමගේ-
රටට අවශ්‍ය වන ඉන්ධන ප්‍රමාණය අවම වශයෙන් දින 45ක ප්‍රමාණවත් පරිදි තබා ගැනීම සඳහා ඉන්ධන ටැංකි ධාරිතාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව කොළොන්නාව නිමාවේ අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා ටැංකි ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.
කොළොන්නාව නිමාවේ මේ වන විටත් ඝන මීටර් 64000ක ධාරිතාවෙන් යුත් ටැංකි 6ක් ඉදිකිරීමට අරඹා ඇති බවත් මුතුරාජවෙල පර්යන්තයේ ඝන මීටර් 40000ක ධාරිතාවකින් යුත් නව ටැංකි 3ක් ඉදිකිරීමට ප්‍රසම්පාදන කටයුතු අරඹා ඇති බවත් අමාත්‍යවරයා කීය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරියන්ත සමාගමේ අරමුදල් උපයෝගී කර ගනිමින් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකරන බවද අමාත්‍යවරයා පැවැසීය.
