ජනපති අනින් මන්නාරම සුළං විදුලිය ව්‍යාපෘති නවතී

-විනීතා එම්. ගමගේ-
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මාසයේ සහ ලබන වසරේ දෙසැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබූ බලාගාර දෙක අත්හිටුවීමට තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින් දජයතිස්ස ඊයේ (04දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
ජනතාවගේ කැමැත්තෙන් තොරව එම දූපතේ විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක දුන් උපදෙස් අනුව මෙසේ විදුලි ව්‍යාපෘති අත්හිටුවූ බවද අමාත්‍යවරයා කීවේය.
ඉහළ සුළං විභවයක් ඇති ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති මන්නාරම් දූපතේ මේ වන විටත් එක් සුළං විදුලි බලාගාරයක් තම්බපන්නී නමින් 2021 සිට ක්‍රියාත්මකය.
