ඇරබියන් ඔරෙක්සු පවුලට නව සාමාජිකයෙක්
(ගල්කිස්ස – ඩී.පී.හේරත්)
දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිටින
“ඇරබියන් ඔරෙක්ස් ” ගව පවුලට හතරවන මුරය යටතේ තවත් පිරිමි පැටවකු ලැබී ඇතැයි අධ්යක්ෂ (සත්ව සෞඛ්‍ය හා පෝෂණ) වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය පැවසුවාය.
මේ අනුව දැනට එම ගව පිරිමි සතුන් දෙකක් හා ගැහැනු සතුන් දෙදෙනකු ද සිටින බවත් මාසයක් වයසැති පිරිමි පැටවා මේ වන විට පශූ වෛද්‍ය තිළිණි කොඩිතුවක්කු මහත්මියගේ අධීක්ෂණය යටතේ සත්ව භාරකරු ඩී.ඩී. ධර්මරත්න මහතාගේ සුපරීක්ෂකත්වයෙන් හොද සෞඛ්‍ය තත්වයෙන් මවුකිරි උරා බොමින් සිටින බවත් ධම්මිකා දසනායක මහත්මිය පැවසීය.
මේ පිළිබඳව අධ්යක්ෂ ධම්මිකා දසනායක මහත්මිය මෙසේද පැවසීය.
මෙම සත්ව විශේෂය මේ වනවිට ලෝකයේ රතුදත්ත පොතේ වදවී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ව විශේෂයකි. නිජබිම වනුයේ මැද පෙරදිග අර්ධ කාන්තාර වන අතර 70 හා 80 දශකයන් වන විට දඩයක්කරුවන් කැලෑවල සිටි සතූන් මස් පිණිස හා අන්තට්ටු ලබා ගැනීම සදහා ඝාතනය කරනු ලැබූ හෙයින් වදවීගෙන යෑමට පටන් ගෙන ඇති සත්ව විශේෂයක්ද වේ.
