මුලතිව් ගොඩනැඟිල්ලක බිත්තියක් පෙරලී හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට

-සෙනාෂ් කොළවත්ත-
මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ අතහැර දමා තිබූ අබලන් ගොඩනැඟිල්ලක බිත්තියක් කඩා වැට හමුදා සෙබළෙක් මියගොස් තවත් සෙබළුන් තුන්දෙනෙක් තුවාල ලබා තිබේ.
මෙය 59 වැනි සේනාංකය භාවිත කළ ගොඩනැඟිල්ලක් බවද මුලතිව් පොලිසිය සඳහන් කළේය.
මෙම සෙබළුන් පිරිස යම් කිසි කටයුත්තකට එහි ගොස් සිටියදී තාප්පය පෙරලී ගොස් තිබේ.
තුවාල ලැබූ තිදෙනා මංචෝලේ රෝහලට ඇතුළත් කර ඇත.
