විපක්ෂයේ නුගේගොඩ රැලියට හිටපු ජනාධිපතිවරුන්ගෙන් සුබපැතුම්

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
විපක්ෂයේ දේශාපාලන පක්ෂ විසින් ලබන 21 වැනිදා නුගේගොඩ පවත්වන රැලියට හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාම සුබ පැතුම් එක්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම රැලියට හිටපු ජනාධිපතිවරුන් කිසිවකු සහභාගි නොවන බවත්, ඒ ඒ දේශපාලන පක්ෂවල සෙසු අයගේ සහභාගීත්වයෙන් මෙම රැලිය සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.
හිටපු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවෙසේ සිට මෙම රැලිය සංවිධානය කරන අතර ආණ්ඩුවේ වසරක ගමන් මග හා සිදුවී ඇති අඩුපාඩු මතුකර ජනමතයක් ගොඩ නැගීම සඳහා මෙම රැලිය සංවිධානය කර ඇත.
