ඡන්දය අවසන් වී මාස තුනයි සීතාවක ප්‍රා. සභාව තාමව නෑ

ඡන්දය අවසන් වී මාස තුනයි සීතාවක ප්‍රා. සභාව තාමව නෑ

(ප්‍රේමකුමාර සිංහආරච්චි)
පළාත් පාලන මැතිවරණය පවත්වා මාස තුනකට අධික කාලයක් ගත වී තිබුණත් සීතාවක ප්‍රාදෙශීය සභාවේ බලය පිහිටුවීමට නොහැකිව එම සභාව අර්බුදයකට මුහුණ දී තිබේ.
මීට හේතු වී ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයකට සභාව තුළ සියයට 50කට වැඩි බලයක් නොලැබීම වුවත් ඉකුත් ජුනි සහ ජුලි මාසවලදී සභාවේ බලය පිහිටුවීමට උත්සාහ කළත් සභාව තුළ ගන පූර්ණය නොමැති නිසා එය ද අසාර්ථක වී ඇත.
මෙම අර්බුදය වහා විසඳා සභාවේ බලය පිහිටු වීමට ක්‍රියා කරන ලෙස ඉල්ලමින් සීතාවක ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින සභිකයන් පිරිසක් මැතිවරණ කොමිසම වෙත ලිපියක් භාර දී ඇත.
කිසිදු දේශපාලන පක්ෂයකුට හෝ ස්වාධීන කණ්ඩායමකට සියයට 50කට වැඩි බලයක් නොමැති සභාවල බහුතර මන්ත්‍රින්ගෙන් අභිමතය පරිදි සභාපතිවරයෙක් තෝරා පත් කරගෙන සභාවේ කටයුතු කරගෙන යෑමට හැකියාව පවතී.

Share This