රාජ්‍ය සේවයට අලුතින් 8547ක්

-ශිරාන් රණසිංහ-
රාජ්‍ය සේවයට අලුතින් 8547ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා පිරිසෙන් 5198ක්ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට බඳවා ගැනේ.
රජයේ අමාත්‍යාංශ, පළාත් සභා සහ කොමිෂන් සභාවලට මෙම බඳවා ගැනීම් සිදු කරන අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබූ කමිටුවක් මගින් පුරප්පාඩු හඳුනාගෙන කඩිනමින් බඳවාගත යුතු සහ ඒ කාල රාමු ආදිය සකස් කර ඇත.
