ඉන්දියාවේදී වැඩ පෙන්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට එයි
(කටුනායක ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ පැවැති 04 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී රන් පදක්කම් 16 ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් වශයෙන් සමස්ත තරගාවලියේ පදක්කම් 40ක් දිනා ගෙන අනුශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 28දා අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම තරගාවලිය ඉකුත් 24 දින සිට 26 දින දක්වා දකුණු ආසියානු කළාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ රංචි නුවරදී පැවැත්වුණි.
මෙම පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස පිළිගැනීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ත්‍රිවිධ හමුදා වල ක්‍රීඩා අංශ නියෝජනය කරන නිලධාරීන්, පාසල්වල ගුරු භවතුන් සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
