උඩරට කෝච්චි යළිත් වැඩ

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමඟ බලන හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ස්ථාන අටකින් සහ කඩිගමුව හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර මාර්ගය ස්ථාන දෙකකින් දුම්රිය මාර්ගය දෙපස භූමිය සෝදායෑම හා නායයෑමක් සිදුවීම හේතුවෙන් පසුගිය 19 වන දින සිට උඩරට දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා සිදුව තිබුණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග අංශයේ නිලධාරීන්ගේ හා යුද හමුදාවේද සහය ඇතිව පිළිසකර කටයුතු සිදුකළ අතර එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළිත් අද (23දා) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
දුම්රිය මාර්ගය සෝදායෑමට හා නායයෑමට ලක්වූ ස්ථානවලට දුම්රිය ධාවනය සඳහා වේගය සීමා කොට ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.
ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියක් ඊයේ පෙරවරු 03.55ට ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට පොල්ගහවෙල බලා ධාවනය විය.
මහනුවර දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 04.30 ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය පෙරවරු 05.30 ට ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය විය.
