කිඹුල් ප්‍රහාරයකින් මිය ගිය අයකුගේ සිරුරක් හමු වෙයි

කිඹුල් ප්‍රහාරයකින් මිය ගිය අයකුගේ සිරුරක් හමු වෙයි

(ගල්කිස්ස – ඩී.පී.හේරත්)
බොරලැස්ගමුව පොලිස් වසමේ දිවුල්පිටිය, සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි සැලකිය හැකි පුද්ගල මළසිරුරක් ඉකුත් 23 වැනි දින උදෑසන හමුවූබව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ,කටුබැද්ද ප්‍රදේශයේ. පදිංචිව සිටි වයස අවුරුදු 55 ක් වන කුමාර් ප්‍රනාන්දු නමැත්තකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. මෘතදේහය හමුවනවිට දකුණු අත සහ දකුණු කකුල ඇතුළුව සිරුරේ භාගයක් පමණ නොතිබූ බව පොලීසිය පැවසීය.
මාහු පසුගිය 21 වැනිදින මාලු ඇල්ලීම සඳහා බැහැරව ගියබවත් නැවත නිවසට නොපැමිණි බවත්, නිවැසියන් පොලීසියට පවසා ඇත. ඒ අනුව මෙම පුද්ගලයා මාලු අල්ලමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න. මහතාගේ අධීක්ෂණයෙන්, පොලිස් සැරයන් 67941 ගුණතිලක, පොලිස් කොස්තාපල්වරුවන 74833 මධූෂ, 92527 මාලන් යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share This