කෝටි දහයක මත්පෙති වව්නියාවේදී අත්අඩංගුවට

(සෙනාෂ් කොළවත්ත)
පුත්තලම කල්පිටියේ සිට වව්නියාව දක්වා කැබ් රථයකින් ගෙන යමින් තිබූ රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුත් මත්පෙති තුන් ලක්ෂ නවදහසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.
අත්අඩංගුවට ගත් පුදගලයා කිසියම් අයකුට බාරදීම සඳහා මෙම මත්පෙති තොගය රැගෙන යමින් තිබී ඇති අතර කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයිද මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ’සිදු’කෙරේ.