තවත් පක්ෂ 73ක් ලියාපදිංචිය ඉල්ලයි

තවත් පක්ෂ 73ක් ලියාපදිංචිය ඉල්ලයි

-ඉන්දු වනසිංහ-
අලුතින් දේශපාලන පක්ෂ 73ක් ලියාපදිංචිය සඳහා අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.
මේ දිනවල එම අයැදුම්පත් සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු කීවේය.
මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ 83ක් ඇති බවත් අවසන් වරට අලුතින් දේශපාලන පක්ෂ ලියා පදිංචි කරනු ලැබුවේ 2023 වසරේදී බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ඔහු මේ බව සඳහන් කළේ මොනරා පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

Share This