ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 2 වැනි අදියර 18 සහ 19 කොළඹදී

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 2 වැනි අදියර 18 සහ 19 කොළඹදී

(ඉෂාර ගයාෂාන්)
2025 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 2 වැනි අදියර ශ්‍රී ලංකාවේ කොළඹ තුරඟ තරග පිටියේදී 18 සහ 19 යන දෙදින තුළ පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 12ක් සහ කාන්තා කණ්ඩායම් 12ක් සහභාගි වේ. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය කවිඳු පෙරේරා සහ කාන්තා කණ්ඩායමේ නායකත්වය රන්දිකා කුමුදුමලි දරනු ලබයි.
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර චීනයේදී පැවැත්විණි. පළමු අදියරේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට 4 වැනි සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට 9 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු විය.

Share This