වතු කම්කරු කාන්තාවකට කදුකර කොටියෙකුගෙන් ප්‍රහාරයක්

කාන්තාව රෝහල් ගත කෙරේ

වතු කම්කරු කාන්තාවකට කදුකර කොටියෙකුගෙන් ප්‍රහාරයක්

තේ වත්තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකට කදුකර කොටියෙකු පහර දීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබු කාන්තාව අද (05) දින බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි බගවන්තලාව පොලීසිය සඳහන් කළේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් මෝරා වත්තේ වතු කම්කරුවන් පිරිසක්, බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදී, සුනඛයෙකු දඩයම් කිරීම සඳහා පැමිණි කඳුකර කොටියෙකු සුනඛයා දඩයම් කරන අවස්ථාවේ දී තේ වත්තේ වැඩ කරමින් සිටි අදාළ වතු කම්කරුවන් කෑ ගසා තිබෙනවා.

අනතුරුව ඔවුන්ගේ කෑගැසීමත් සමඟ කඳුකර කොටියා අවු 53ක් වයසැති කාන්තාවට පහර දී රක්ෂිතයට පළා ගිය බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබු කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබෙන බැවින් ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවීමට නියමිතයි.

කළුආරච්චි – හැටන්
Share This