කොළොන්නාවට අලුත් තෙල් ටැංකි 6ක්

(ශිරාන් රණසිංහ)
කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ නව තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
රට තුළ තෙල් සංචිත අවශ්‍ය තරම් තබා ගැනීමේ අරමුණ ඇතුව මෙම තෙල් ටැංකි හය ඉදිකෙරේ.
ඒ අනුව තෙල් ලීටර් 15,000ක් ගබඩා කළ හැකි ටැංකි 3ක්, ලීටර් 7,000 ටැංකි 2ක් හා ලීටර් 5,000ක් ගබඩා කළ හැකි ටැංකියක් ඉදිකෙරේ. මෙම ටැංකි 06 ඉදිකළ පසු තෙල් ලීටර් 64,000ක් අමතරව ගබඩා කළ හැකි වේ.