දුම් බෝම්බ 37ක් ලොග්ගල් ඔයෙන් මතුවෙයි

දුම් බෝම්බ 37ක් ලොග්ගල් ඔයෙන් මතුවෙයි

-සෙනාෂ් කොළවත්ත-
මහියංගණ, ලොග්ගල් ඔය ජලාශයේ තිබූ විදේශ රටක නිෂ්පාදිත දුම් බෝම්බ 37ක් මහියංගණ පොලිසිය මගින් සොයාගෙන තිබේ.
මාළු ඇල්ලීමට ගිය ධීවරයෙක් විසින් මෙම දුම් බෝම්බ දැක පොලිසියට කළ දැනුම්දීමෙන් පසු ඒවා ගොඩගෙන ඇත.
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ලොග්ගල් ඔය ජලාශයේ වතුර සිඳී ඇති අතර දුම් බෝම්බ පිටට දර්ශනය වී ඇත්තේ ඒ අනුවය.
මහියංගණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This