සියයට 6.8 විදුලි ගාස්තු වැඩිවීම: මහජන අදහස් ගැනීම 18 සිට

මෙම වසරේ තෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන අදහස් ගැනීම ලබන 18 වැනිදා ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසම කියයි.
විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළ ලිඛිත යෝජනා ඔක්තෝබර් 07 වැනිදායින් අවසන් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙවර විදුලි ගාස්තුව සියයට 6.8කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා තිබේ.