අයිස් හදන්න බඩු ගෙන්වන්න උදව් කළ රාජ්‍ය නිලධාරීන් 30ක් දෙස බුද්ධි අංශ ඇස

අයිස් හදන්න බඩු ගෙන්වන්න උදව් කළ රාජ්‍ය නිලධාරීන් 30ක් දෙස බුද්ධි අංශ ඇස

(දයාසිලි ලියනගේ)
අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එක්රැස් කිරීමට සහාය දුන්නේ යැයි චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 30කට ආසන්න පිරිසක් පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශවල අවධානය යොමු වී ඇති බව වාර්තාවේ.
වරාය, ආරක්ෂක අංශ, වාප්පු ලිපිකරු, රියැදුරු, රියැදුරු සහායක, පොලිස් නිලධාරීන් යනාදී තනතුරුවල සිටින පිරිස් මේ අතර සිටින බවද බුද්ධි අංශ තොරතුරු වාර්තා කරයි.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රවයක් රටේ ස්ථාන ගණනාවකින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කටයුත්තට රජයේ නිලධාරීන් පිරිසක් සහයෝගය දක්වා ඇති බවද අනාවරණය වී ඇත.
මේ වන විටත් ආරක්ෂක අංශ රජයේ නිලධාරීන් ගණනාවකගෙන් ප්‍රශ්න කර ඇති අතර තවත් පිරිසක් පිළිබඳ තොරතුරු විමර්ශනය කරමින් සිටින බවද දැනගන්නට ඇත.
මෙම කන්ටේනර් වරායෙන් පිටතට ගෙන යෑම, එහි අඩංගු ද්‍රව්‍ය සඟවා තැබීම, ලිපිලේඛන සැකසීම, ප්‍රවාහනයට සහාය දැක්වීම ආදී කටයුතුවලට මෙම නිලධාරීන් සහාය දක්වා ඇති බවද දැනගන්නට ඇත.
………..

Share This