බලවත් රටකින් මහින්දට කොළඹින් ගෙයක්

(විනීතා එම්. ගමගේ)
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං ඉකුත් සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පවත්වා ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විජේරාම මාවතේ නිවසින් පිටව ගිය ඉකුත් බ්‍රහස්පතින්දා එම නිවසේ දී චීන තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
මේ අතර ඉකුත් සිකුරාදා පෙරවරුවේ චීන තානාපතිවරයා කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා හමුවී ඇත.
චීන තානාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවූ බව එජාප මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
තවත් ඉහළ මට්ටමේ හිටපු ප්‍රබල දේශපාලනඥයකු සමඟද චීන තානාපතිවරයා ඉදිරියේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ අතර ප්‍රබල රටක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කොළඹින් ගෙයක් ලබා දීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග තවදුරටත්’අනාවරණය කළේය.