නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අත්අඩංගුවට

-අකිලා නදීශානි බණ්ඩාර-
නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 29.5කට අධික මුදලක් පාඩු කළ සිද්ධියකට අදාලව එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු අධ්‍යක්ෂ (ඉඩම්) (11දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ 05 මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5ක ඉඩමක් තාවකාලික පදනම මත බද්දට ලබාදීමේ දී රජයට රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් සිදු කිරීමේ සිද්ධියකට අදාළව සිවදුන විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Share This