නිල නිවෙස අහිමි වූ මහින්ද තංගල්ල නිවෙසට

නිල නිවෙස අහිමි වූ මහින්ද තංගල්ල නිවෙසට

-ශිරාන් රණසිංහ-
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (11දා) කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසෙන් ඉවත් වී තංගල්ල නිවෙසට ගිය බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය.
නීතිමය තත්ත්වය මත පැය 24ක් වත් නිල නිවෙසේ සිටීමට කටයුතු නොකරන බවත් නිල නිවෙස සතියක් ඇතුළත භාරදෙන බවත් ඒ මහතා කියා සිටියේය.
ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් ඔහුත් මෙය දැක සතුටු වන බවත් තිස් වසරක යුද්ධය අවසන් කළ නායකයාට ගුණමකු ආණ්ඩුව සලකන්නේ මේ ආකාරයට යැයි ද නීතිඥ මනෝජ් ගමගේ මහතා කීය.
සිංහයා නගරයේ සිටියත් කැලේ සිටියත් සිංහයා බවද ඒ මහතා කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා තංගල්ලට යෑම නිසා ඔහුගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල විය හැකි බවත් එහි වගකීම රජය භාරගත යුතු බවද ඒ මහතා පැවැසීය.

Share This