පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහතාගේ කොටිකාවත්තේ පිහිටි නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් පැමිණ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එල්ටීටීඊ මහ විරුදින උත්සව සැමරුම් පිළිබඳ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් රේණුක පෙරේරාව මහතාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.