ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම ගැන වැඩමුළුවක් කොළඹදී

ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම ගැන වැඩමුළුවක් කොළඹදී

“ප්‍රතිසංස්කරණ සඳහා මාවතක්: ​​ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම” යන මැයෙන් කාලීන වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 28 වැනිදා කොළඹ මැන්ඩරිනා හෝටලයේදී සංවිධාන කර තිබුණා.

ඒ, ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන්, විද්වතුන් සහ පාර්ශ්වකරුවන් එක්කර ගනිමින්.

මාධ්‍ය නීති සංසදය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, වෛරී ප්‍රකාශ සමාජයෙන් තුරන් කිරීම පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ අර්ථවත් සංවාදයක් සහ සහයෝගීතාවයක් ඇති කිරීම අරමුණු කරගෙන තිබූ බව සඳහන්.

ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ UNESCO හි නව දිල්ලි කාර්යාලයේ සන්නිවේදන සහ තොරතුරු පිළිබඳ උපදේශක, Hezekiel Dlamini විසින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා.

මෙම වැඩමුළුවට ඉදිරිපත් කළ යෝජිත වෛරී කථන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ලේඛනය පිළිබඳ පුළුල් සමාලෝචනයක් ලබාදීමටයි කටයුතු කළේ.

ඵලදායී මාධ්‍ය ප්‍රතිපත්ති මුලපිරීම් හරහා වෛරී කථනයට එරෙහිව යුනෙස්කෝවේ ප්‍රයත්නයන් ඉස්මතු කරමින් ගෝලීය අත්දැකීම් බෙදාහදා ගැනීමක් ද සිදු වුණා.

අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය තුසිත අබේසේකර විසින් සංසන්දනාත්මක වෛරී ප්‍රකාශන නීති සම්පාදනය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කළා.

මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත් මහතා විසින් මෙහෙයවන ලද සංවාද මණ්ඩපයක් ද මෙම අවස්ථාවට ඇතුළත් කර තිබූ අතර ඒ සඳහා සහභාගී වූ සමාජ ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන් සිය අදහස් පළ කර සිටියා.

Monara

Share This