දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීම තල්පෙන් අරඹයි

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීම තල්පෙන් අරඹයි

(අම්පේගම – උපුල් මහේෂ්)
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘සිහින ගමනාන්තයේ’ ජාතික වැඩසටහන යටතේ තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කිරීම ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතය.
දුම්රිය සේවය නවීකරණය යනු නිදාගෙන සිටින යෝධයකු ඇහැරවීම බව පෙන්වා දුන් ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පොදු ප්‍රවාහනය ගුණාත්මක සේවයක් බවට පරිවර්ථනය කිරීමේ වගකීම වත්මන් රජය අත් නොහැර ඉදිරියට ගෙන යන බවද කියා සිටියේය.
පොදු ප්‍රවාහන දියුණු කිරීම මඟින් සංචාරක කර්‌මාන්තය දියුණු කිරීමට හැකියාව පවතින බවත් ඉදිරි වසර දෙක තුළ රට වැඩබිමක් කරමින් වේගවත් සංවර්ධනයනක් කරා ශ්‍රී ලංකාව ගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This