ජනප්‍රිය රැප් ගායකයා පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

ජනප්‍රිය රැප් ගායකයා පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

(හොරණ – මානෙල් ගමගේ)
නිධානයක් ගොඩගැනීම සඳහා සඟවා ගෙන සිටියේ යැයි කියන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ජනප්‍රිය රැප් ගායකයකු 01 දා රාත්‍රියේ පිටිපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ පිටිපන, මාගම්මන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සමඟ ඩෙටනේටර් 05ක් ජෙලට්නේට් කූරු 03ක් ඇමෝනියම් නයිටේ්‍රට් කි. 03 ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර මේවා සැකකරුගේ වත්තේ වළ දමා තිබූ බවද පොලිසිය පවසයි.
මාතර, කොටවිල පොලිසියෙන් ගිනි අවියක් සොරකම් කර වැඩ තහනමට ලක්ව දැනට බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරියකු විසින් සැකකරුට මෙම පුපුරණ ද්‍රව්‍ය ලබා දී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඔහු සමඟ එකතුව නිධානය ගොඩගැනීමට සැලසුම් කර තිබුණත් ඔහු අත්අඩංගුවට පත්වීම නිසා එය ව්‍යර්ථ වූ බව සැකකරු පවසා තිබේ.
කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ, පො.සැ. 18808 සේනාධීර, පො.කො. 8436 ප්‍රියංකර, 106209 කාවින්ද, 15426 තිළිණ ඇතුළු නිලධාරීහු විසින් මේ පිළිබඳ විමර්ශන සිදු කරති.

Share This