අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11ක් අත්අඩංගුවට ගත් මෙහෙයුම

කොළඹ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, හලාවත බංගදෙනිය වීරකමණ්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදීය.
ඊයේ (29) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා නිවසින් පැන ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඔහු ත්‍රීරෝද රථයකින් හලාවත බස් නැවතුම්පොළ බලා ගමන් කරමින් සිටිය දී හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත මුලස්ථාන පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.