ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු අයට Youtube භාවිතය සීමා කරයි

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා Youtube සමාජ මාධ්‍ය භාවිතයේදී තහංචි පැනවීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව ඔවුන්ට Youtubeහි වීඩියෝ නැරඹීමට හැකි වන නමුත් අන්තර්ගතය උඩුගත කිරීමට හෝ එහි අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර නොලැබෙනු ඇත.
එමෙන්ම TikTok, Instagram, Facebook, X සහ Snapchat භාවිතය ද සීමා වනු ඇති බවට තොරතුරු වාර්තා වේ.
එය මේ වසරේ දෙසැම්බර් මාසයේ සිටි ක්‍රියාත්මක වනු ඇති බව වැඩිදුරටත් සඳහන්ය.