මිලියන 75කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) අළුයම යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී විශාල කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.
එහිදී කිලෝ එකසීය අසූ අටයි ග්‍රෑම් තුන්සීය පනහක කේරළ ගංජා තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
එහිදී නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 75 කට අධික වන බව සඳහන්.
එම කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.