අනුරට කලින් මෝදි මාලදිවයිනට යයි

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාලදිවයිනට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි.
ඒ, හෙට (26) පැවැත්වෙන එරට 60 වන නිදහස් උළලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සඳහාය.
මාලදිවයින රජයේ විශේෂ ආරාධනාවකට අනුව පැමිණ ඇති අග්‍රාමාත්‍යවරයා දින දෙකක් එරට රැඳි සිටිනු ඇත.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරකයක් සඳහා ලබන 28 වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.
එරට ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කෙරෙනු ඇත.
එහිදී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික රාජ්‍ය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
එමෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කිරීමට නියමිත බව ද සඳහන්ය.