ප්‍රදේශ කිහිපයකට වැසි – සුළඟත් සැර වෙයි

ප්‍රදේශ කිහිපයකට වැසි – සුළඟත් සැර වෙයි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්  උතුරු, උතුරු – මැද සහ මධ්‍යම පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්  විටින් විට හමන පැ.කි.මී. (55-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද එහි දක්වා ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල  විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය.

Share This