සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයෙක්

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයෙක්

නව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අදාළ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා ලබන 10 වැනිදා රාජ්‍ය සේවයෙන් විශ්‍රම ගැනීමට නියමිතව ඇත.

Share This