ලෝක ප්‍රකට රැප් ගායක එමිනෙම්ගේ, මව වන ඩෙබී නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි
ලෝක ප්‍රකට අමෙරිකානු රැප් ගායක එමිනෙම්ගේ, මව වන ඩෙබී නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 69 වැනි වියේ පසුවූ ඇය පෙනහළු පිළිකාවක දරුණු අවධියක් පසුකරමින් සිටි බව සඳහන්.
ඩෙබී නෙල්සන්ගේ මරණය එමිනෙම්ගේ නියෝජිත Dennis Dennehy, විසින් මාධ්‍ය වෙත තහවුරු කර තිබුණා.
කෙසේ නමුත් මවගේ මරණය සම්බන්ධයෙන්, එමිනෙම් තවම අදහස් දක්වා නැත.
එමිනෙම් හට මව සමඟ වන අමිහිරි සබඳතාව ඔහුගේ නිර්මාණවලින් ද කතාබහට ලක්වුණු අවස්ථා දක්නට ලැබීම විශේෂයි.
‘Cleanin’ Out My Closet’ ඊට ජනප්‍රිය උදාහරණයකි.