සුප්‍රකට හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් දිවයිනට

සුප්‍රකට හොලිවුඩ් නළු ජෙරමි අයන්ස් දිවයිනට

ඔස්කාර් සහ එමි සම්මාන වලින් පිදුම් ලත්, සුප්‍රකට හොලිවුඩ් නළුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික “ජෙරමි අයන්ස් ” (Jeremy Irons) මෙරට රූ ගත කෙරෙන චිත්‍රපටයකට රගපෑමෙන් දායක වීම සඳහා ඊයේ (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

වසර 12 කට පසුව , හොලිවුඩ් නළුවෙකු මේ ආකාරයට මෙරටට පැමිණීම සිදු වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කෙරෙන ” කේජ් බර්ඩ් ” (Cadge Bird) චිත්‍රපටයෙහි රගපෑම සදහා ජෙරමි අයන්ස් පැමිණ තිබේ.

මෙවැනි ජාත්‍යන්තර වශයෙන් සුප්‍රකට සම්මානලාභී නළුවන් යොදා, නිෂ්පාදනය කෙරෙන සිනමා පට නිසා, මෙවැනි නළුවන්ගේ සිනමා ලෝලීන්, ශ්‍රී ලංකාව, සිනමා සංචාරක ගමනාන්තයක් ලෙස තෝරා ගැනීම ප්‍රවර්ධනය කිරීම, මෙම සිනමා නිර්මාණ වල ප්‍රධානතම අරමුණක් වේ.

ජෙරමි අයන්ස් 06/17 දින රාත්‍රී 11.00 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍රා විජේවර්ධන සහ ජාත්‍යන්තර සිනමාකරණ සහ ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද මුණසිංහ ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක ගයා තිරිමාදුර

Share This