කෙහෙළියට සහ පුතාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන මහත්වරුන් ඇප මත මුදාහැර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කරනු තිබේ.