දිස්ත්‍රික්ක හතරකට තවදුරටත් නායයෑමේ අවධානමක්

ගාල්ල, කළුතර, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ඊයේ (27) නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (29) පෙරවරු 10.00 දක්වා දීර්ඝ කර තිබේ.
වර්ෂාධික කාලගුණය හේතුවෙන් ඇල්පිටිය, පාලින්දනුවර, ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, අරණායක, බුලත්කොහුපිටිය, යටින්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොළව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.