ගොකරැල්ල පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

පුද්ගලයෙක් අතර සිදු වූ බහින්බස්වීමකින් අනතුරුව පහරදීමක් සිදු කළ ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අනුවයි අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ.
ඒ අනුව අදාළ සිද්ධිය ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේදී සිදුව ඇති බව සඳහන්ය.
අධික වේගයෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ බහින් බස් වීමකින් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.