ආනයනික ලුණු තොගය ප්‍රමාදය වන ලකුණු

ආනයනික ලුණු තොගය ප්‍රමාදය වන ලකුණු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගය දිවයිනට පැමිණීම තවත් දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.

මෙරට පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

පෞද්ගිලක අංශය විසින් මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් මෙට්‍රික්ටොන් 2,800ක ලුණු තොගයක් ආනයනය කිරීමට කටයුතු කළ බව සඳහන්ය.

කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට රැගෙන ඒම සිදුවනු ඇති බව ජාතික ලුණු සමාගම සඳහන් කළේය.

Share This