පාකිස්ථානයට ප්‍රහාර එල්ල කරන්න මෝදී අවසර දෙයි

පාකිස්ථානයට ප්‍රහාර එල්ල කරන්න මෝදී අවසර දෙයි

පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ අවසරයක් ලබා දී ඇත.

ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවට පූර්ණ මෙහෙයුම් නිදහස ලබා දී ඇති බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ නව දිල්ලියේදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබා දී ඇත.

ඉදිරි පැය 24, 36 දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයත් දියත් කිරීමට අදහස් කරන බව විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

චන්දන ලක්මාල්

Share This