මිලිමීටර් 100ට වැඩි තද වැසි

මිලිමීටර් 100ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (30) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මධ්‍යම සබරගමුව ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.

අන්තර් නිවර්තන අභිසාරි කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් සිටිනු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This