අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුට ඇප

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී සිටියිදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔවුන් දෙදෙනා අද (04) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති බව සඳහන්.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය ඉදිරිපිට පසුගිය 27 වනදා සත්‍යග්‍රහයක නිරත වුණා.
එහිදී අත්අඩංගුවට ගනු ලැබූ 25 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මීට පෙර මුදාහැරියා.