වත්තලින් උණ්ඩ 113ක් සොයාගැනේ

විදේශ ගතව සිටින සංවිධාත්මක අපරාධකරුවෙකුගේ ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් සහ ඇයගේ අනියම් පුරුෂයා ද අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය කියයි.
වත්තල හේකිත්ත පාරේ නවාතැන් පොලක් තුළ කාන්තාවක් සිහි මූර්ජීවී නාන කාමරයේ වැටී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය එහි ගොස් එම කාන්තාව සිහිගන්වා කළ ප්‍රශ්න කිරීමේදී මෙම ගෙනියවි සහ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
එම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා සතුව තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ උන්ඩ 113ක් මැගසින් 4ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි වැඩිදුර පරීක්ෂණ වත්තල පොලිසිය සිදුකරමින් පවතින බව සඳහන් කරයි.
චන්දන ලක්මාල්