මියන්මාරයට ප්‍රබල භූකම්පනයක්

මියන්මාරයට ප්‍රබල භූකම්පනයක්

මියන්මාරයේ රික්ටර් මාපකාංග 7.7ක ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මධ්‍යම මියන්මාරයේ මැන්‌ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් භූ කම්පනය හටගෙන ඇති බවයි.

එහි පසුකම්පන තත්ත්වයක් තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බව සඳහන්.

අදාළ භූකම්පනයෙන් සිදු වූ හානිය මේ දක්වා තක්සේරු කර නැහැ.

Share This