ලංකාවේ විරෝධතා දක්වන්න බැරි ද.? – වසන්ත මුදලිගේ ප්‍රශ්න කරයි

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිතර සමසෞඛ්‍ය උපාධිධාරීන්ට සහ විශ්වවිද්‍යාල සිසුන් පළවා හැරීමට පොලිසිය සිදු කළ පහරදීමේදී පස් දෙනෙකු තුවාල ලබා ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, පොලිසිය විසින් අදාළ පහරදීම අද (28) අලුයම 02.00ත් 02.30ත් අතර කාලයක සිදුකර ඇති බවයි.
එහිදී අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 27 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සමසෞඛ්‍ය උපාධිධාරින් සහ සිසුන් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පෙර පැවැති ආණ්ඩු සමඟ මෙන්ම වත්මන් ආණ්ඩුව සමඟ ද සාකච්ඡා සිදු කර තිබුණා.
ඊට විසඳුම් ලබා නොදී ආණ්ඩු විසින් කල්මැරීම හේතුවෙන් මෙම සත්‍යග්‍රහය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට එළිමහන් භූමියේ ආරම්භ කළ බවයි, වසන්ත මුදලිගේ මහතා පෙන්වා දෙන්නේ.
අදාළ සිදුවීමෙන් ලංකාව තුළ විරෝධතා දැක්වීය නොහැකි ද යන ගැටලුව මතු වන බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ප්‍රශ්න කරනවා.
ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ පවා කෙනෙකුට විරෝධතා දැක්වීමේ අයිතිය තිබිය යුතුයි.
ඔවුන්ට විරෝධතා දැක්වීම සම්බන්ධයෙන් කියා දීමට අවශ්‍ය නොමැති බවත් වත්මන් පාලකයින් බොහෝ අවස්ථාවලදී විරෝධතා කර ඇති බවත් වසන්ත මුදලිගේ මහතා අවධාරණය කළා.
විපක්ෂයේ සිටින විට සිදු කළ විරෝධතා වර්තමානය වනවිට කෙසේ නීරස වන්නේදැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ප්‍රශ්න කරනවා.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට පැහැදිලි කිරීමත් සිදු කරන්නේ නම් යහපත් බවයි, වසන්ත මුදලිගේ මහතා කියාසිටියේ.
පසුගිය කාලයේ බලයේ සිටි පිරිස් විරෝධාකරුවන්ට පහරදී තුවාල සිදු කර අත්අඩංගුවට ගත් විට එය මර්දනය ලෙස හඳුනාගත් ආණ්ඩු වර්තමානයේදී එය සිදු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.