රනිල් සහ ඇමරිකානු තනාපතිනිය අතර දුරකතන සංවාදයක්

රනිල් සහ ඇමරිකානු තනාපතිනිය අතර දුරකතන සංවාදයක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙරට ඇමරිකානු තනාපතිනි ජුලි චන්ග්  දුරකථනය හරහා  සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

ඒ, ඇය අද (27) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීයි. එය ඉතා කෙටි සාකච්ඡාවක් බවයි, පක්ෂ කාර්යාලය සඳහන් කළේ.

ඉන් අනතුරුව ජුලි චන්ග්  ක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාලා මහත්මිය හමුවී තිබෙනවා.

පැයකට ආසන්න කාලයක් පැවැති මෙම හමුවේදී එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවත් රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සඳහන්.

ඒ වගේම රටේ තරුණ පරම්පාරවට යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ දායකත්වය පිළිබඳවත් එක්සත් ජනපදය සහ අපේ රට අතර තිබෙන දීර්ඝ කාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදරියට යන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවත් එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජූලි චන්ග් මහත්මිය සිරිකොත පක්ෂ මූලස්ථානයේ නිරීක්ෂන චාරිකාවකට එක්වීමද විශේෂත්වයක්.

Share This