සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා

සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා

දේශපාලන මැදිහත්වීමකින් තොරව සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා ලබා දෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම අමතමින්.

මෙම කණ්ඩායමට රැකියාලාභීන් 50 දෙනෙකු ඇතුළත් වුණා.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණවලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදි ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරයි ඇදීම මගින් තෝරාගෙන ඇති බව සඳහන්.

වසර 5ක කාලයක් සඳහා රැකියා කිරිමට මේ යටතේ අවස්ථා හිමි වන බවයි, විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

විගමනික ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන බවත් එමඟින් ආර්ථික දේහය පෝෂණය කිරීමට සමත් වන බවත්  කෝශල වික්‍රමසිංහ මහතා කියාසිටියා.

වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ වනවා.

රැකියා අවස්ථා සියලුම ගම්මානවලට සමානව ලබාදීමට පියවර ගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කළේ.

එහිදී කිසිදු දේශපාලන මැදිහත්විමක් නොකොට තෝරා ගැනීමේදී පූර්ණ විනිවිද භාවයකින් යුතුව ඔවුන් තෝරා ගැනීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව ද ඔහු කියා සිටියා.

එහිදී කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් නොවන අයුරින් මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ වසරේදි විදේශ රැකියා සදහා ශ්‍රමිකයන් 344,000 විදේශ ගත කිරිමට බලාපොරොත්තුවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share This